BIO API updates

4/recent/ticker-posts

Header Ads Widget

❤️ පිරිමි vs ගැහැණු ❤️




ඉස්සර කාලේ Bio Api Facebook පේජ් එකේ වැටුන පෝස්ට් එකක් මේක 👇😁

1. ගෑනු මොලේ තේ හැන්දෙ මිට වගේ - පිරිමි මොලේ පොල්කටු හැන්දෙ මිට වගේ

පිරිමින්ගේ මොලය ගැහැණු මොලයට සාපේක්ශව 10% ක් පමණ විශාලත්වයෙන් වැඩියි. ඔව්, මේ අමතර ස්කන්ධය නිසා පිරිමින්ගේ ක්‍රියා සන්තති වේගයත් ගැහැනුන්ට සාපේක්ෂව වැඩියි. නමුත් මේ තියරියත් හරියටම පිලිගන්න අමාරුයි. මොකද එහෙනම් අලි ඇත්තු, නිල් තල්මහ වගේ සත්තු අපිට වඩා පට්ට බුද්ධිමත් වෙන්ට එපායැ ;)

2. මස්තිෂ්ක අර්ධගෝල දෙක දෙවිදියක්

බොහොමයක් පිරිමින්ගේ වම් මස්තිෂ්ක අර්ධගෝලය ක්‍රියාකාරිත්වයෙන් වැඩියි. මේ නිසාම පිරිමින් ගණිතමය හැකියාවන් අතින් ඉදිරියෙන් ඉන්නා අතරම ඔවුන් කාර්යයන් සඳහා දිශානත වූ චින්තකයන් ලෙස හැසිරෙනවා.

නමුත් කාන්තාවන්ගේ වම් සහ දකුණු මස්තිෂ්ක අර්ධගෝල දෙකම බොහෝවිට සහප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වෙනවා. එවැනි කාන්තාවන් සහඥානය අතින් පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්නව.

ඒ වගේම සමහර කාන්තාවන්ගේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛ වීම නිසා ඔවුන් අපූරු හීන මවන්නියන් බවට පත් වෙනවා.

3. කොල්ලො ගණන්කාරයෝ

පිරිමින්ගේ මස්තිෂ්කයේ අධර පාර්ශ්වික අනුඛණ්ඩිකාව ගැහැණු මස්තිශ්කයට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලයි. මේ නිසා, පිරිමි ළමයි ප්‍රාමාණික දත්ත සැකසීම අතින් ඉදිරියෙන් ඉන්නවා. මේ නිසයි පිරිමින් සිතියම් අවබෝධ කරගැනීම අතින් ඉදිරියෙන් ඉන්නෙ. ඒ වගේම පිරිමි හොඳ ගණන් කාරයෝ.

මස්තිෂ්කයේ පාර්ශ්වික බාහිකය විශාල වීම නිසා පිරිමින් කාලය හා අවකාශ භාවිතය අතිනුත් සූරයො. ඒක තමයි කාන්තා සහ පිරිමි රියැදුරන් අතර තියෙන වෙනසට හේතුව.

හැබැයි පජාත පිරිමි රියැදුරෝ වගේම, අති දක්ශ කාන්තා රියැදුරුවරියොත් ඉන්න බව මතක තියා ගන්ට. මේ කියන්නෙ බහුතරය ගැන.

4. කෙල්ලන්ගේ චැටර් බොක්ස්

කාන්තාවන්ගේ මස්තිෂ්කයේ වැඩි වශයෙන් තියෙන්නේ ශ්වේත ද්‍රව්‍ය. නමුත් පිරිමින්ගෙ මස්තිෂ්කයේ ධූසර ද්‍රව්‍යයි වැඩි. ශ්වේත ද්‍රව්‍ය වලින් ස්නායු සන්නිවේදන සම්ප්‍රේශණය වේගවත් කරනවා. මේ නිසයි කෙල්ලො ඔලුවෙ තියන දාහක් දේ චට පට ගාලා සංස්කරණය කරලා, වචන විදියට එලියට දාන චැටර් බොක්ස් වෙලා තියෙන්නෙ.

5. ලේන්සු

කාන්තාවන්ගේ පූර්ව මස්තිෂ්ක අනුඛණ්ඩිකාව පිරිමින්ට සාපේක්ෂව විශාලයි. ඒ නිසා කාන්තාවන්ට හැඟීම් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාවත් වැඩියි. මේ හේතුව හින්දාම කාන්තාවන් මූඩ් ගහල ඉන්න අවස්ථාවන් සාපෙක්ශව ඉහලයි
ශෙයා කරමු යාලුවොන්ටත් බලන්න.....



උපුටා ගැනීම බස්සීගෙන් BiO අපි
👊​👊​👊​
👍​
Like
Comment
Share
❤💛💚💜💙


ඔන්න ඔහොමයි පෝස්ට් එක තිබ්බේ..
අපේ මේ ගැන නිර්මාණය උනු විඩියෝ එකත් මෙතනින් ගිහින් බලන්න පුලුවන්
👇
https://youtu.be/nFW5zNXG5Cc



Post a Comment

0 Comments