COVID-19 වසංගතය ව්‍යාප්තිය හමුවේ ගර්භනී කාන්තාවන් වඩාත් අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය .
ගර්භණී කාන්තාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වේ.
මේ සඳහා ගර්භණී කාන්තාවන් සඳහා උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර තිබේ.
ගර්භණී කාන්තාවකට COVID-19 වසංගතය වැළඳුණහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත්, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිදු හේතුවකට නිවසෙන් පිටතට නොයන ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාවේ අන්තර්ගතය.
ඒ අනුව ,
🔺වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානවල රැඳී සිටීම අවම කිරීම
🔺සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම
🔺පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම
🔺අවමංගල්‍ය උත්සව වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම
🔺නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම
COVID-19 වසංගතයට දක්වන බිය හේතුවෙන් ගර්භණී කාන්තාවන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාරවලට යොමු වීම ප්‍රමාද වන බව දකින්නට ලැබෙන බවත් මේ නිසා ගර්භණී මවගේත් , කුස තුළ සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි.
COVID-19 වසංගතය අවදානම බහුල මෙම කාලයේදී සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් ඇති නම්, තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය හෝ අමතා එම සේවාවන් ගැන ලබාගත යුතු ආකාරය ගැන දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම ගර්භණී සමයේ ඇතිවිය හැකි,
උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම, හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවන් අවදානම් සංඥාවක් ලෙස මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතු ය.
ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි දැනුවත් කිරීම ද අනිවාර්යය වේ.
මේ අතර
🛑 තම පවුලේ අයෙකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ COVID-19 රෝගියෙකු යැයි සැක කරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී දැනුවත් කිරීම
🛑 තම ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔවුන්ගෙන් ඈත්ව සිටීම
🛑 යම් හෙයකින් තමාට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කිරීම හා අවශ්‍ය ප්‍රතිකාරවලට වහාම යොමුවීම සිදු කිරීම අනිවාර්යය වේ.
මේ පිළිබඳව තොරතුරු තම පවුල් සෞඛ්‍ය නිලධාරී හෝ 1999 සුවසැරිය දුරකතන සේවාවට අමතා කරුණු සාකච්ඡා කළ හැකි ය .
0 Comments