BIO API updates

4/recent/ticker-posts

Header Ads Widget

හඳට ගිය රස කතාව - ඇපලෝ 11 මෙහෙයුම



සඳ මත මිනිසුන් පා තබා පනස් එක් වසරක් පිරිලා.. සඳ වෙත මිනිසුන් අරන් ගිය පළමු රට විදියට ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක් වූනේ 1969 ජුලි 20 වෙනිදා.

'ඇපලෝ 11' මෙහෙයුම ඇමරිකාවට පමණක් සීමා නොවුනු ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුනා.. ඇත්තටම ඒකේ වුනේ මොකද්ද ඒක මෙච්චර වැදගත් ඇයි?

හඳට යන්න ඇමෙරිකාවට ඕනි උනේ ඇයි?

සෝවියට් රුසියාව එයාලගේ මුල්ම චන්ද්‍රිකාව, 'ස්පුත්නික්' (Sputnik) දියත් කිරීමත් එක්ක අභ්‍යවකාශ තරණය මූලික කරගෙන ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර තරගයක් වර්ධනය වෙන්න ගත්තා..

1961 දී ජෝන් එෆ් කෙනෙඩි ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වුනාට පස්සේ එයාගේ සීතල යුද (Cold War) ප්‍රතිවාදියා එක්ක තිබ්බ තාක්ෂණයේ සුපිරි බලවතා බවට පත්වීමේ තරගයෙන් තමන් පරාජයට පත් වෙයි කියලා ඒ වෙද්දි ඇමරිකානුවන් බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා ..

යුරි ගගාරින් හා අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව වලෙන්තීනා තෙරෙස්කොවා ඇතුළු සෝවියට් අභ්‍යවකාශගාමීන් සම්බන්ධ වූ මෙහෙයුම් ඇමරිකාවේ කනස්සල්ලට හේතු වුනා

යෝධ පියවරක් තබමින්, මිනිසුන් රැගත් යානයක් අභ්‍යවකාශයට යවපු පළමු රට විදියට සෝවියට් දේශය ඉතිහාස ගත වෙන්නේ ද එම අවුරුද්දෙමයී.(1961).

ඉතින් ඇමරිකාවේ ජනාධිපති කෙනඩි අඩෝ අපිත් සකන්ඩ් වෙන්නෑ කියලා.. "අපි සඳ වෙත යාමට තෝරා ගත්තා" කියලා 1962 දී ප්‍රසිද්ධියේ දවසක් කිව්වා.

කොහොමවුනත්.. සෝවියට් දේශය 1965 වසරේදී මිනිසුන් රහිත යානයකුත් සාර්ථකව සඳ මත ගොස බැස්සවීමට සමත් වුනා..

එක්සත් ජනපදය මේ මෙහෙයුම සැලසුම් කළේ කොහොමද ?

නාසා ආයතනය 'ඇපලෝ' වැඩසටහන වශයෙන් හඳුන්වන්වපු මේ මෙහෙයුමට සෑහෙන්න එයාලගේ සම්පත් කැප කරා..

මේකට මිනිස්සු 400,000 (හාරලක්ෂයක්) විතර වැඩ කරාලු සල්ලිත් ඇමරිකානු ඩොලර් කෝටි 2,500 ක් වැය කරාලු.

සැටර්න් V' රොකට් යානය ගුවන් ගත වෙමින්

ඇපලෝ 11' මෙහෙයුමට අභ්‍යවකාශගාමීන් තුන් දෙනෙක් තෝරා ගත්තා. බස් ඇල්ඩ්‍රින්, නීල් ආම්ස්ට්‍රෝන් සහ මයිකල් කොලින්ස් ඒ අභ්‍යවකාශගාමීන් තිදෙනායී.


ඇපලෝ 1 මිශන් එක දෛනික පරීක්ෂණ කරද්දි මව් යානය තුළ ගින්නක් පැතිරිලා අභ්‍යවකාශගාමීන් තුන් දෙනෙකුත් මරණයට පත් කරනවා.

ඒ එක්ක මිනිස්සු අරන් අභ්‍යාවකාශ ගමන් මාස ගානක් යනකල් නැවැත්තුවා.

'ඇපලෝ 11' මෙහෙයුම අතරතුර ද පාලක මැදිරිය සමග පණිවුඩ හුවමාරු ගැටලු පැවතුනාලු..

සඳ මත ඇවිදීම

මොන ප්‍රශ්න ආවත්.. පෘථිවි තලයෙන් පිටත් වී පැය 110ක විතර කාලයකට පස්සේ ඒ කියන්නේ.. මැයි 20 වෙනිදා හඳේ පා තැබූ පළමු මිනිසා විදියට නීල් ආම්ස්ට්‍රෝන් ඉතිහාසයට එක් වුනා. බස් ඇල්ඩ්‍රින් එයා එක්ක එකතු වූනේ ඊට මිනිත්තු 20 පස්සේ..


"මෙය මිනිසකුට එක් කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට එක් යෝධ පිම්මක්" කියලා ආම්ස්ට්‍රෝන්ගේ කටෙන් පිට වුනඒ වචන ආපහු පෘථිවියට ආවට පස්සේ.. ටීවිඑකෙන් මිනිස්සුන්ට අහන්න පුලුවන් උනා..

එයාලා හඳේ සාම්පල් පස් හා ඡායාරූප එහෙමත් අරනුයි ආපහු පෘථිවියට ආවේ.


කට්ටිය හඳට ගියා කියන්නේ බොරු කියලත් කියන්න පටන් ගත්තා.. ඒත් සඳ මතුපිටින් ගෙනෙන ලද පාෂාණ වගේ තව ගොඩක් දේවල් ඒ අදහස් පදනමකින් තොර ප්‍රකාශ කියලා ඔප්පු කරන්න සමත් උනා..



සටහන - Bio Api ©


Post a Comment

0 Comments